වත්මන් රජය මැතිවරණ සමයේ 16600ක් වූ ගුරැ සංවර්ධන නිලධාරින්ට ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබා දෙනවා කියා ඡන්දය ගෙන ඇමතිකම් ගත්තට පසු එවා නොකිරීමේ හේතුව අයි. එම්. එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා දැන් එය ඒ ආකාරයෙන්ම පිළි ගැනීමට හේතුව සහ තර්කය කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේවා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා අන්තර්ගත වූ බවත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවට අනුව රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකිය දෙන බවත් එය ලබා දෙන ආකාරය සඳහන් වුවත් මේ වන තෙක් එය ක්‍රියාත්මක නොවීමේ තර්කානුකූලභාවය පැහැදිලි කර දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එකිවෙමිනි.
මේ රජය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනවා කියා අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ පවා රැවටූ බවත් ජනතාව මුහුණ දෙන ගැටලු කිසිවකට රජය පිළිතුරු ලබා දී නොමැති බවත් මෙරට දල දේශිය නිෂ්පාදිතයට 52%කට වඩා දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත පසුගිය කාලයේ 263000ක් වැසී ගොස් ඇති බවත් 2023 සහ 2025 වන විටත්තවත් 15000ක් ව්‍යාසයකයක්ගේ ආයතන වැසී ගොස් ඇති බවට අනුමාන කරන බවත් රට බංකොලොත් වීම නිසා මොවුන්ට වූ අගතියට සාධාරණයක් ඉටු නොකර බැංකුවට ලබා දුන් සුරැකුම්පත් අය කිරීම සිදු කරන බවත් මැතිවරණ කාලයේ පමණක් පරාටේ නීතිය නතර කළත් අද වන විට එය ක්‍රියාත්මක නිසා මේ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
2026 වර්ෂයට බිලියන 50ක ණය යෝජනා ක්‍රමය රජය යෝජනා කිරීම ගැනසතුටු වන නමුත් මේ වෙන් කළ මුදල ආසාදු ලේඛන ගත 60%ක් වූ ව්‍යවසායකයන්ට ලබා ගැනීමේ ක්‍රමවේදය නිර්මාණය කර නොමැති බවත් ආසිායානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර ඩොලර් බිලියන 100ක් ලබා ගත්තත් එය ක්‍රියාත්මක වීම ද නිසි අයුරින් සිදු නොවූ බවත් මේ අයවැය තුළින් වැට් බදු ගෙවීමේ සීමාව රු. මි. 60 සිට 36 දක්වා අඩු කිරිමට ගෙන ඇති තීරණය නිසා තවදුරටත් මේ කර්මාන්තකරුවන් අගතියට පත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2016ත් 2020ත් තුළ විශ්‍රාම වැටුප් නොගැලපීම තුළ 125000ක් අගතියට පත්ව ඇති බවත් 2020 ගෝඨාභය රාජපක්ෂ පාලනය මොවුන්ට ලැබිය යුතු ප්‍රතිපාදන නොදුන් බවත් එම නිසා හිග වැටුප් සහිතව ලබා දිය යුතු බවත් එය රජයේ වගකීමක් බවත් 2020ත් 2025ත් අතර 150000 විශ්‍රාමික ප්‍රජාවට ද වැඩිවීමක් සිදුව නොමැති බවත් මොවුන්ට නිසි සාධාරණයක් ඉටු විය යුතු බවත් ඊට අමතරව ගුරු විදුහල්පති විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති බවත් රජය මේ ගැටලු විසදනවා වෙනුවට මොවුන්ට අපහාස කරමින් සිටින බවත් SMS ගහන්න බැරි යැයි අපහාස කළත් මේ අය රවටා කතිරය ගස්සවා ගත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේත් බවත් මේ විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් නඩු දැම්ම විපක්ෂයේ සිටි ජවිපේ අය දැන් ආණ්ඩුවේ සිටින බවත් මේ නඩුව යළි කැදවන විට සමතයකට පත් වෙන්න සූදානම් යැයි වාර්තා වන බවත් මේ ආකාරයට විශ්‍රාමිකයන් රවටන්න එපා යැයි රජයට කියන බවත් කියු දේ කරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15%ක් වුවත් දැන් එය 15.9%ක් හෙවත් බිලියන 287ක් ඉතිරි වන නිසා මේ මුදල ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නව ව්‍යවසායක ඇති කරන්න ආයෝජනය කරන ලෙසත් ප්‍රාථමික ශේෂය 2.3ක් විය යුතු වුවත් දැන් එය 3.8ක් ලබා ඇති නිසා මේ මුදල් ද කම්කරුවා මධ්‍යම පාන්තිකයා කාන්තාව ශක්තිමත් කරන්න ආයෝජනය කරන ලෙසත් මොවුන් සවිබල ගැන්විය හැකි බවත් කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අද වන විට රටේ උගුලක් ඇති බවත් පවතින ක්‍රමවේදය තුළ අපේ රට Macro link bond එකකට එකග වි ඇති ඇති බවත් සාකච්ඡා තුළ ගෙවන්න ඇති ණයවලින් යම් අඩු කිරීමකට එකග වු නමුත් මේ රජය පසුගිය රජයේ අඩිපාරේ ගොස් නව ලිබරල්වාදී අඩිපාරේ ගිහින් මේ ප්‍රතිපත්තිය අනුගමනය කිරිම තුළ ආර්ථික වර්ධනය වෙන්න වෙන්න ගෙවන්න ඇති ණය වැඩි වෙන බවත් මුලින්ම කප්පාදු කළ ණය වාසිය අප රටට නොලැබෙන බවත් ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩි වන බවත් මෙය අපරාදයක් බවත් මේ හරහා අප රටේ ආර්ථික වර්ධනයට නිසි වටිනාකමක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජා ශක්ති නම් දුප්පත්කම තුරන් කිරීමේ මේ වැඩසටහන අද දේශපාලනිකරණය වි ඇති බවත් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට ජවිපේ ශක්තිමත් කිරීම මේ තුළින් සිදු වන බවත් රු. බි. 25ක් මුදල් වෙන් කළත් මේ හරහා සිදු වන්නේ දුප්පත්කම නැති කිරීම නොවන බවත් ගණන් හදා බැලුවොත් එක ග්‍රාම සේවා වසමකට රු. මි. 1.7ක් වෙන් වුවත් මෙය දේශපාලනීකරණය වි ඇති බවත් යෞවන සමාජවලට වුන දේ මෙයටත් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Lanka Newsweek © 2026